ඌරන් දහසකට ආසන්න ගණනක් මරුට..

වෛරස් රෝගය නිසා ඌරන් දහසකට ආසන්න ගණනක් මරුට - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

by Hashini De Mel 22-10-2024 | 8:37 AM

COLOMBO ( News 1st ) - පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න ගණනක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැති බවයි.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී ඇතැයි වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ ය.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම සුදුසු නැති බවයි.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ ඊයේ(22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි ගත යුතු ඉදිරි පියවර පිළිබදව සාකච්ඡා කළ බව හෙමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළාය.