බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් වැසි..

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් වැසි..

by Hashini De Mel 22-10-2024 | 8:13 AM

COLOMBO ( News 1st )-අද(22) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති වන බවයි.

මේ අතර මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවල අද(22) සහ හෙට(23) දිනවල යාත්‍රා කීරීමෙන් වළකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්  දෙයි.

ඒ එම මුහුදු ප්‍රදේශවල වර්ධනය වී ඇති අඩුපීඩන තත්ත්වය හේතුවෙන්.

එම අඩු පීඩන තත්ත්වය හෙට(23) දිනයේ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාළගුණ නිවේදනයේ සඳහන්.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන පිරිස් වහාම ගොඩ බිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.