වාර්තා දෙකෙන් බොරුවක් කරලා-කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරයේ වාර්තා දෙක පිළිගන්නේ නෑ - කාදිනල් හිමිපාණන්

by Staff writer 22-10-2024 | 10:17 PM

COLOMBO ( News 1st ) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දෙකක් සොයා බැලීමට පත්කළ එස්.අයි ඉමාම් සහ ඒ.එන්.ජේ.ද අල්විස් කමිටු වාර්තා පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවිය අද (22) නිවේදනය කළේ ය.

මෙම වාර්තා දෙක තුළින් කතෝලික අගරදගුරු සංගමයට බොරුවක් කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ය.