මැතිවරණ නීති උල්ලංඝණය කළ 18ක් කොටු

පාර්ලිමේන්තු මැතිවරණයේ පොස්ටර් සහ බැනර් 130,000ක් ඉවත් කරයි - පොලීසිය

by Staff writer 22-10-2024 | 8:05 AM

COLOMBO ( News 1st )- පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නීති විරෝධීව ප්‍රදර්ශනය කරන ලද පොස්ටර් සහ බැනර් 130,000ක් ඉවත් කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බැන තර්ජනය කිරීම්, පහරදීම් යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මහ මැතිවරණයට අදාලව මැතිරවරණ කොමිසමට පැමිණිලි 401 ක් ලැබී ඇති බව සඳහන් වේ.