ජනපති සහ හාල් මෝල් හිමියන් අතර අද සාකච්ඡාවක්...

ජනපති සහ හාල් මෝල් හිමියන් අතර අද සාකච්ඡාවක්...

by Staff writer 22-10-2024 | 8:09 AM

COLOMBO ( News 1st )- හාල් මෝල් හිමියන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ( 22) පෙරවරුවේ සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා,  අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, නාඩු සහල් හිඟය පිළිබඳ එහිදි සාකච්ඡා කරන බවයි.

අද ( 22) පෙරවරු 11.00 ට එම සාකච්ඡාව පැවැත්වේ.

වෙළඳුන් පෙන්වා දෙන්නේ වෙළෙඳපොලේ නාඩු සහල් මිල ඉහළ ගොස් ඇති බවයි.

ඇතැම් වෙළෙඳුන් නාඩු සහල් කිලෝගෑම් එකක් රුපියල් 240ක මිලකට අලෙවි කෙරේ.

වෙ⁣ළෙඳුන් පෙන්වා දෙන්නේ නාඩු සහල් වල වෙළෙඳපොළේ හිඟයක් පවතින බවයි.

මරඳගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා ප්‍රකාශ කළේ මේ වනවිට නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳ පොලේ අලෙවි වන බවයි.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220කි.