හලාවත ගිනිගත් නිවසේ මරණ ගැන අනාවරණයක්

හලාවත ගිනිගත් නිවසේ හිමිකරු බිරිඳ සහ දියණිය ඝාතනය කර පසුව ගිනි තබාගෙන ඇති බව හෙළිවෙයි - පොලීසිය

by Staff writer 21-10-2024 | 10:51 PM

COLOMBO (News1st) - හලාවත, සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ  මව සහ දියණිය  මියගිගොස් ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල කැපිමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, අද(21) හලාවත මහ රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ බවයි.

නිවෙස් හිමියා සිය බිරිඳගේ සහ දියණියගේ ගෙල කපා ඔවුන් ඝාතනය කර පසුව සිරුරුවලට ගිනි තබා ඔහු ද ගිනි තබා ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව මළ සිරුර තවදුරටත් සති දෙකක කාලයක් හලාවත මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබන ලෙසයි.

රටම කම්පනයට පත්කළ අදාල ඛේදවාචකය ඊයේ(21) දිනයේ වාර්තා විය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ  44 හැවිදිරි මව සහ වයස අවුරුදු 14 ක් වු දියණිය,සහ 51 හැවිදිරි පියායි.