ලෙබනනයේ සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිතයි

ලෙබනනයේ සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිතයි..

by Staff writer 20-10-2024 | 8:40 AM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිඳු ලාංකිකයෙකු නැතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එරට සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේ ය.

තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවෙස්නය තුළ ලාංකිකයින් 15 දෙනෙකු සිටින බව ද, ඔහු සඳහන් කළේ ය.

එරට සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන ඇතැයි කපිල ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ඊශ්‍රායලය, ඊයේ (19) ලෙබනනයට ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල කර තිබුණි.