බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට හදිසියේ ගොඩ බස්සවයි..

by Staff writer 19-10-2024 | 3:51 PM

COLOMBO ( News 1st ) - බෝම්බ බියක් හේතුවෙන්, ඉන්දීය ගුවන් සේවයක් වන විස්තාරා ගුවන් සේවයට අයත් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්සවා තිබේ.

යානය මුම්බායි සිට පියාසර කරමින් තිබු බව ආරක්ෂක අංශ සඳහන් කළේ ය.

මේ වන විට ගුවන් මගීන් යානයෙන් ඉවත් කරමින්, ඇතැයි ද ආරක්ෂක අංශ පැවසුවේ ය.

මේ අතර, විස්තාරා ගුවන් සමාගමට අයත් ලන්ඩන් බලා පියාසර කළ යානයක් ද, බෝම්බ බියක් හේතුවෙන්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේ ය.

නව දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් එම යානය ගුවන් ගතකර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් ය.