ඉන්දීය නාවික හමුදාවේ නැවක් කොළඹට

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට..

by Staff writer 19-10-2024 | 4:08 PM

COLOMBO ( News 1st ) - ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් කල්පනී ටී 75 “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

කොළඹ වරායට සේන්දු වූ එම වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් 49m පමණ වන බව නාවික හමුදාව පැවසුවේ ය.

නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් සමත්විත වේ.

වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, නිළ සංචාරය අවසන් කරමින් ලබන 28 වැනිදා යාත්‍රාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.