අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාසවලට ප්‍රතිපාදන

අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස පිළිබඳ හානි තක්සේරුව ඇරඹේ..

by Staff writer 19-10-2024 | 7:30 PM

COLOMBO ( News 1st ) - අධික වැසි සමග ඇතිවූ ආපදාවලින් හානි වූ නිවාස පිළිබඳ හානි තක්සේරු කිරීම් ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාළ තක්සේරු සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණය පිළිබඳ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.

තක්සේරු වාර්තා ලැබීමෙන් පසු හානි සඳහා ප්‍රතිපාදන වෙන් කිරිමට නියමිතයි.

උපරිමය රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට කටයුතු කරන බව කේ.ජී. ධර්මතිලක මහතා සඳහන් කළේය.

පසුගියදා ඇතිවූ අධික වැසි හේතුවෙන් අර්ධ නිවාස හානි 659 ක් සිදුව ඇති අතර, සිදුව ඇති පූර්ණ නිවාස හානි ගනණ 04කි.