මින්නේරියේදී දුම්රියේ ගැටීමෙන් වන අලි 2ක් මරුට

මින්නේරියේදී දුම්රියේ ගැටීමෙන් වන අලි 2ක් මරුට: දුම්රියට සහ මාර්ගයටත් දැඩි හානි..

by Staff writer 18-10-2024 | 7:39 AM

COLOMBO (News 1st) -ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතරදී වන අලි ගැටීමෙන් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැන තිබේ.

අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වන අලි ගැටීමෙන් දුම්රියේ එන්ජිම හා ඉන්ධන ප්‍රවාහන ගැල් හතරක් පීලි පැන ඇති බවයි.

අනතුරෙන් වන අලි දෙදෙනෙකු ද මියගොස් තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රියේ ගැටුණු තවත් වන අලි පිරිසක් පලාගොස් ඇති බවයි.

අද අලුයම 3.30 ට පමණ කොළොන්නාවේ සිට මඩකලපුව බලා ගමන් ඇරඹූ එම ඉන්ධන ප්‍රවාහන දුම්රිය ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර මින්නේරිය 146 වන සැතපුම් කණුව අසළදී මෙම අනතුරට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මඩකලපුවේ සිට පැමිණි මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය පොළොන්නරුවේ නතර කිරීමට සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන කොළඹ , කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත අංක 6011 දරන දුම්රිය අවලංගු කර ඇති බවයි.

මේ අතර මඩකලපුවේ සිට අද උදෑසන 6.10 ට කොළඹ, කොටුව දක්වා ධාවනය විමට දුම්රිය ද අවලංගු කර තිබේ.