මින්නේරිය ඛේදවාචකය සම්බන්ධයෙන් පරික්ෂණයක්...

දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක්...

by Staff writer 18-10-2024 | 1:12 PM

COLOMBO (News1st) - ඉන්ධන  ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව  දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ, ඉන්ධන ප්‍රවාහන දුම්රිය අධික වේගයෙන් එම ස්ථානයේ ධාවනය වුයේද යන්න පිළිබද සොයා බලන බවයි

ගල්ඔය සහ හිගුරක්ගොඩ අතරදී අද(18) අලුයම වන අලි ගැටීමෙන් දුම්රිය පීලි පැනීමට ලක් විය.

අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වන අලි ගැටීමෙන් දුම්රියේ එන්ජිම හා ඉන්ධන ප්‍රවාහන ගැල් හතරක්  පීලි පැන ඇති බවයි.

අනතුරෙන් වන අලි දෙදෙනෙකු ද මියගොස් තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුම්රියේ ගැටුණු තවත් වන අලි  පිරිසක් පලාගොස් ඇති බවයි.