ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර..

සිරියාවේ ලටාකියා නගරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර..

by Staff writer 17-10-2024 | 3:53 PM

COLOMBO ( News 1st ) - සිරියාවේ ලටාකියා නගරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර දේපොළ හානි  ද සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරය ලටාකියා නගරයේ ආයුධ ගබඩාවක් ඉලක්ක කර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් අදහස් දක්වා නැත.