OICට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

මට්ටක්කුලිය වැඩ බලන OICට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙක්ට වැඩ වරදී

by Staff writer 17-10-2024 | 11:58 AM

COLOMBO ( News 1st ) - මට්ටක්කුලිය වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලසක් දීමට ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා දෙන්නැයි ඉල්ලමින් ඔහු එම අල්ලස දීමට සැරසී ඇත.

ඔහු ලබාදීමට තැත් කර ඇති මුදල, රුපියල් 50,000 කි.

පොලීසිය කළ දැනුම්දීමකට අනුව අදාළ මුදල ලබාදෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

44 හැවිරිදි සැකකරු, මට්ටක්කුලියේ පදිංචිකරුවෙකි.