මුහුදු ප්‍රදේශවල සුළං වේගය රළු වෙයි

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්...

by Staff writer 17-10-2024 | 12:04 PM

COLOMBO ( News 1st ) - මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල අද (17) සවස් කාලය දක්වා යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේය.

ඒ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 65 ක් දක්වා ඉහළ යෑම හේතුවෙනි.

හලාවත සිට කොළඹ, ගාල්ල, සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.