T20 සටනේ ජය කාටද? තීරණය අද..

කොදෙව් - ශ්‍රී ලංකා තීරණාත්මක 3වන 20යි 20 ගැටුම අද..

by Staff writer 17-10-2024 | 8:29 AM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක පන්දුවාර 20යි 20 අවසන් තරගය අද (17) පැවැත්වේ.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේ ය.

දෙවැනි තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 73කිනි.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණයට මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම අතිශය වැදගත් වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 තරග සංඛ්‍යාව, 17කි.

ඉන් තරග 9ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 8ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගෙන ඇත.

තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.