පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වෙයි..

වසර 24කට පෙර කළ ඝාතනයකට වරදකරු වූ අයෙකුට මරණ දඩුවම නියම වෙයි...

by Staff writer 16-10-2024 | 7:34 PM

COLOMBO ( News 1st ) - වසර 24කට පෙර සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට ගාල්ල මහාධිකරණය අද (16) මරණ දඬුවම නියම කළේ ය.

ඉමදුව ප්‍රදේශයේදී 2000 වසරේ පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක විදුලිසැර වැදීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි එම  විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි.

ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය ඔහුට මරණ දඬුවම නියම කළේ  ය.