Sri Lanka's Got Talent Season 2 කිරුළ රවීන්ද්‍රට

Sri Lanka's Got Talent Season 2 කිරුළ රවීන්ද්‍ර කුමාරට..

by Staff writer 13-10-2024 | 10:39 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින්ට සිය හැකියාවන් ජාත්‍යන්තරය වෙත ගෙනයෑමට රුකුලක් වූ ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් සීසන් 02 - ග්‍රෑන්ඩ් ෆිනාලේහි කිරුළ හිමිකර ගැනීමට රවීන්ද්‍ර කුමාර සමත් විය.

ඒ, සිහින සැබෑ කරන රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ සංකීර්ණයේදී මීට සුළු මොහොතකට පෙර අවසන් වූ අවසන් මහා රාත්‍රීයේදීයි.

ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් සීසන් 02 අවසන් මහා තරගය සඳහා, කණ්ඩායම් 6ක් තරග වැදුණි.

ඒ, මාත්‍රා ඩාන්ස් ස්ටුඩියෝ, නිපුන විත් ස්‍ටෙපප්, ඩයමන් කික් ටයිකොන්ඩෝ කණ්ඩායම, CJ'S Crew කණ්ඩායම, අම්රිතා ඩාන්සින් ස්ටූඩියෝ කණ්ඩායම් සහ රවීන්ද්‍ර කුමාරයි.