හෙට දිවයිනේ පාසල් කිහිපයකට නිවාඩු

ආපදා ගංවතුර තත්ත්වය හේතුවෙන් කැලණිය, මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් 4කට නිවාඩු...

by Staff writer 13-10-2024 | 3:16 PM

COLOMBO ( News 1st ) - ආපදා ගංවතුර තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් 4 කට හෙට (14) නිවාඩු ලබාදී තිබේ.

කැලණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය, බියගම ප්‍රාථමික විද්‍යාලය සහ යබරළුව ආනන්ද විද්‍යාලය එම පාසල් වේ.

පළාතේ සෙසු පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව, බස්නාහිර පළාත් සභාව සඳහන් කළේ ය.