විපතට ජනතාවට කඩිනම් සහන: ජනපතිගෙන් උපදෙස්

මහ වැස්සෙන් විපතට ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 12-10-2024 | 6:09 PM

COLOMBO (News 1st): ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසය.

ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන්නැයි ද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

ඒ, අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරිමට මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙමිනි.