බැඳුම්කර සිද්ධිය, පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්..

by Staff writer 12-10-2024 | 8:24 PM

COLOMBO ( News 1st ) - මහ බැංකු බැඳුම්කර සිද්ධිය , පාස්කු ප්‍රහාරය ඇතුළු පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

විමර්ශනය කෙරෙන අදාළ සිදුවීම් සම්බන්ධයෙන්, අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දූව මහතා අදහස් පල කළේ ය.

දැනට පවතින විමර්ශන කඩිනම් කිරීමටත් ප්‍රගතිය ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.