ප්‍රබල නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ජයග්‍රහණයකින් ලෝක කුසලානය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිල අද නවසීලන්තය සමග තරග බිමට..

by Staff writer 12-10-2024 | 7:07 AM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (12) පැවැත්වේ.

ඒ , ප්‍රබල නවසීලන්තයට එරෙහිවයි.

චමරි අතපත්තු ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තය එහි තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු සඳහන් කළේ, තරගාවලියේ දුර්වලතා මගහරවා ගනිමින් අද පැවැත්වෙන තරගයට හොඳින් සූදානම් බවයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට සාජාහීදී ආරම්භ වේ.

මේ අතර බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වීමට නියමිතය.

ඩුබායිහීදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වනු ඇති.

රටේ ප්‍රධාන භාෂාත්‍රයෙන්ම නාලිකා හිමි, MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකිය.