ජෝ බයිඩ්න් ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීම..

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වෙඩි තැබීම නතර කරන්න - ජෝ බයිඩ්න් ඊශ්‍රායලයෙන් ඉල්ලයි..

by Hashini De Mel 12-10-2024 | 1:09 PM

COLOMBO ( News 1st) - හිස්බුල්ලා සංවිධානය සමග පවතින ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වෙඩි තැබීම නතර කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකා මූලස්ථානයට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාම සාධක භටයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහළම මට්ටමින් විමර්ශන සිදු කරන බව, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.

පසුගිය බ්‍රහස්පතින්දා(10) ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දුනීසියානු එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.