2024 නොබෙල් සාම ත්‍යාගය ජපානයට..

2024 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානයට..

by Hashini De Mel 11-10-2024 | 8:24 PM

COLOMBO ( News 1st ) - න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානය වෙත, 2024 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව, නොබෙල් සාම කමිටුව අද (11) නිවේදනය කළේ ය.

නිහෝන් හිඩන්කියෝ සංවිධානය නිර්මාණය වී ඇත්තේ, හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශවලට එල්ල වූ පරමාණු බෝම්බවලින් ජීවිත ගලවාගත් පිරිසගේ එකතුවකිනි.

ජපානයේ ප්‍රාන්ත 47ක ව්‍යාප්තව ඇති එම සංවිධානයේ සාමාජිකයින් සංඛ්‍යාව, එක් ලක්ෂ 74,080 ක්.

එදා බෝම්බ ප්‍රහාරවලින් බේරී අද වෙනත් රටවල සිටින පුද්ගලයින් ද මෙම සංවිධානයේ සාමාජිකයින්.

මෙවර නොබෙල් සාමත්‍යාග අපේක්ෂක ලැයිස්තුවට  විවිධ පාර්ශ්ව 286 ක්  ඇතුළත්ව තිබුණි.

ඒ, පුද්ගලයින් 197 ක්  හා සංවිධාන 89 ක් ලෙසයි.

න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානයට පිරිනැමුණේ මේ සියල්ල අතරිනුයි.