ඩබ්ලිව්.පී.බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.බී. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 11-10-2024 | 9:40 AM

COLOMBO (News 1st) – අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු සිය නිවසේ නානකාමරය තුළ ඇද වැටී මියගොස් සිටි බවයි.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 76 කි.

අනුරාධපුර බටහිර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස දිගු කලක් කළ ඔහු මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.