පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද අවසන්

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 න් අවසන්..

by Staff writer 11-10-2024 | 7:22 AM

COLOMBO (News 1st) – 2024  පාර්ලිමේන්තු  මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීමද අද දහවල් 12.00 ට අවසන් බව ඔහු කියා සිටියේ ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, මහ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු ද අද දහවල් 12 ට පෙර භාර දිය යුතු බවයි.

නාම යෝජනා භාරදීමත් සමගම මැතිවරණ නීතිවලට ගරු කරමින් සමකාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන  කණ්ඩායම්  සංඛ්‍යාව 349 කි.