ජාතික ලැයිස්තු ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලයත් අදින් අවසන් විය.
දේශපාලන පක්ෂ කිහිපයක් අද (11) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ සිය පක්ෂවල ජාතික ලයිස්තු මන්ත්රීවරුන්ගේ නාම ලේඛන භාර දුන්නේ ය.
දිවයින පුරා ලබාදී ඇති නාම යෝජනා 764න් 74ක් ප්රතික්ෂේප වී ඇතැයි, මැතිවරණ කොමිසම අද පස්වරුවේ නිවේදනය කළේ ය.
ඒ අනුව මෙවර මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණන 690 ක්.
ඒ, පුද්ගලයින් 197 ක් හා සංවිධාන 89 ක් ලෙසයි.