කෙන්යාවේ උපජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්

කෙන්යාවේ උපජනාධිපති රිගාති ගචා-ගුවාට එරෙහිව දෝෂාභියෝගයක් එරට ජාතික සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

by Staff writer 09-10-2024 | 8:50 AM

COLOMBO ( News 1st ) -  කෙන්යාවේ උපජනාධිපති රිගාති ගචා-ගුවාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක් එරට ජාතික සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෝෂාභියෝග යෝජනාව ගෙන ආවේ, උපජනාධිපතිවරයා පසුගිය කාලයේ  මූල්‍ය වංචා සිදුකිරීම සහ ජන වාර්ගික වෛරය පැතිරවීම ඇතුළු කෙන්යානු ව්‍යවස්ථාවේ වගන්ති 8ක් කඩ කර ඇති බවට චෝදනා කරමින්.

කෙන්යානු පාර්ලිමේන්තුව, ජාතික සභාව සහ සෙනෙට් සභාව ලෙස කොටස් දෙකකින් සමන්විතයි.

එහි ජාතික සභාවේ මන්ත්‍රීවරුන් 350 දෙනෙකු අතුරින් තුනෙන් දෙකකට වැඩි පිරිසක් එනම් මන්ත්‍රීවරුන් 281 දෙනෙකු දෝෂාභියෝගයට සහය පල කර  තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී සාමාජිකයින් 67 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාව හමුවේ උප ජනාධිපතිවරයාට චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවනු ඇති බවයි.

ඉන් පසු සෙනෙට් සභාවේ සාමාජිකයින්ද දෝෂාභියෝගයට පක්ෂව හෝ විපක්ෂව සිය ඡන්දය භාවිත කරනු ඇත.

දෝෂාභියෝගය තහවුරු කිරීමට සෙනෙට් සභිකයින් තුනෙන් දෙකක් ඡන්දය ප්‍රකාශ කළහොත්, උප ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරෙන බව විදෙස් වාර්තා වල සඳහන්