ශ්‍රී ලංකා කාන්තා පිල අද ඉන්දියාවට එරෙහිව තරග බිමට

කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රි ලංකාව අද තරග බිමට

by Staff writer 09-10-2024 | 7:17 AM

COLOMBO ( News 1st ) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද(09) පැවැත්වේ.

පළමු තරගයට එක්වන්නේ ස්කොට්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම්.

තරගාවලියේ බී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වන මෙය ශ්‍රී ලංකා වෙලාවෙන් අද(09) පස්වරු 3යි 30ට ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ දෙවැනි තරගය ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වේ.

තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.