රුසියානු ජාතිකයින් 05කට නේපාලයේදි වුණු වියෝව..

නේපාලයේ ධෞලගිරි කඳුවැටිය තරණය කළ රුසියානු ජාතිකයින් 05 දෙනෙකු හදිසියේ මරුට..

by Staff writer 08-10-2024 | 10:10 PM

COLOMBO ( News 1st ) - නේපාලයේ ධෞලගිරි කඳුවැටිය තරණය කරමින් සිටි රුසියානු ජාතිකයින් 05 දෙනෙකු හදිසියේ මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් සමග තවත් පිරිසක් කන්ද තරණය කල බව විදෙස් වාර්තාවල දැක්වේ.

කන්ද තරණය කළ පිරිස අතරින් 05 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ආරක්ෂක අංශ විසින් කළ සෝදිසි මෙහෙයුම්වලදී ඔවුන් 05 දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ පවසන්නේ අධික තෙහෙට්ටුව ඔවුන් මිය යෑමට හේතුව වන්නට ඇති බවයි.

ලෝකයේ උසම කඳු 14 න් 8 කටම හිමිකම් කියන්නේ නේපාලය වන අතර එරට ප්‍රධානම සංචාරක ක්‍රියාකාරකම වන්නේ කඳු නැගීමයි.