ෆ්ලොරීඩාහී ප්‍රබල සුළි කුණාටු අවධානමක්

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ප්‍රබල සුළි කුණාටු අවධානමක්..

by Staff writer 08-10-2024 | 10:06 PM

COLOMBO ( News 1st ) අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට තවත් ප්‍රබල සුළි කුණාටු අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ , හෙලීන් සුළි කුණාටු කඩා වැදි සති දෙකක් ගත වීමටත් පෙරයි.

"මිල්ටන්" ලෙස සැලකෙන මෙම සුළි කුණාටුව, හෙට පෙරවරුවේ පැයට කිලෝ මීටර 280ක පමණ වේගයකින් ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි පුරෝකතනය කර තිබේ.

වැඩිම බලපෑමකට ලක්විය හැකි ප්‍රදේශ වල වැසියන්ට ඉන් ඉවත් වන්නැයි, බලධාරීන් දැනුම් දී තිබේ.

පසුගියදා අමෙරිකාවට කඩා වැදුණු, හෙලීන් සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 230කට වැඩි පිරිසක් මිය ගියේ ය.