ගිනි අවි පිළිබඳ යළිත් සිහි කැඳවීමක්..

නොවැම්බර් 06 වැනිදාට පෙර ගිනි භාරදෙන්න - ආරක්ෂක අමාත්‍යංශයෙන් යළිත් සිහි කැඳවීමක්..

by Staff writer 07-10-2024 | 7:12 PM

COLOMBO ( News 1st ) - සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 06 වැනිදා සවස 4.00ට පෙර කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරනු ලැබේ.

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බව, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ගෙවුණු කාලය තුළ පුද්ගලයින් 1,500 දෙනෙකුට ගිනි අවි 1,690ක් නිකුත් කර ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ය.

මේ පිළිබඳ අදහදස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා

..මෙහිදී අපි තේරුම්ගත යුතු වෙනවා ක්‍රීඩා කටයුතු , වගා ආරක්ෂාව සඳහා එවැනි කාරනා සඳහා ලබා දීපු ගිනි අවි කිසිසේත්ම මෙහිදී කැඳවීමක් සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ නිවේදනයේ සදහන් වෙන්නේ දේපොළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත් කරලා තියෙන ගිනි අවි නැවත කැඳවීමක් කරන්න පුද්ගලිකව නිකුත් කරලා තියෙන ආරක්ෂා සඳහා ලබා දීලා තියෙන ගිනි අවි පමණයි මේ ආකාරයට සමාලෝචනය සඳහා නැවත කැඳවීමක් කරලා තියෙන්නේ..