කමිඳු සහ ප්‍රභාත් ICC සම්මානයකට නිර්දේශ වෙයි..

කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය ICC සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රීඩකයාට නිර්දේශ වෙයි..

by Staff writer 07-10-2024 | 6:28 PM

COLOMBO ( News 1st ) - 2024 සැප්තැම්බර් මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී තිබේ.

ඒ ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබේ.