වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්..

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍යයි - වැඩබලන පොලිස්පති

by Staff writer 06-10-2024 | 10:41 PM

COLOMBO ( News 1st ) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.

163 දෙනෙකු මේ වනවිටත් ආරක්ෂාවට සිටින බව ඔහු සඳහන් කළේ ය.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් වේ