ප්‍රචාරක වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයින්...

ජනපතිවරණ අපේක්ෂකයින් 34ක් මෙතෙක් ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී නැහැ. - මැතිවරණ කොමිසම

by Staff writer 06-10-2024 | 8:35 AM

COLOMBO (News 1st) - මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38 ක්.

ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ, අපේක්ෂකයින් 4 දෙනෙකු පමණයි.

ඒ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ හා කේ.ආනන්ද කුලරත්න යන මහත්වරුන් ය.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතුයි.

අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

කොමිසම පැවසුවේ, 13 වැනිදාට පසු වාර්තා ලබා දුන්න ද, එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවයි.