රාජ්‍ය බුද්ධි සේවයට නව ප්‍රධානියෙක්...

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කෙරේ

by Staff writer 05-10-2024 | 9:08 PM

COLOMBO (News 1st) - රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය භාරව කටයුතු කළේ ය.