පොදු ප්‍රවාහනයට වාහන ගෙන්වීම ඇරඹේ..

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ගෙන්වීම ඇරඹේ - මුදල් අමාත්‍යාංශය

by Staff writer 05-10-2024 | 5:48 PM

COLOMBO (News 1st) - පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබේ.

ඒ, පසුගිය 01 වැනි දා සිටයි.

මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ගෙන්වීම ලබන වසරේ පළමු කාර්තුව තුළ සිදු කිරීමට නියමිත බවය.

අදියර 3ක් යටතේ වාහන ගෙන්වීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.