විදෙස් දුම්වැටි තොගයක් සමග කතක් කොටු

නීති විරෝධීව මෙරටට ගෙනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී කොටුවෙයි..

by Staff writer 05-10-2024 | 8:14 AM

COLOMBO ( News 1st ) -නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ, දුම්වැටි සමග වරකාපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇතතේ, වරකපොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.

අදාල කාන්තාව අද අලුයම ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.