ඒ , මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකදී ය.
එහිදි දැනට සිදු කරන විමර්ශන මොනවාද ? ඉන් තාවකාලිකව නවතා ඇති විමර්ශන මොනවා ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ , එසේ විමර්ශන නැවැත්වීමට දේශපාලනික හේතු බලපා තිබේ ද ? යන්න සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදි අවධානය යොමුවූ බවයි.
එමෙන්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන අලුතින් ආරම්භ කළ යුතු විමර්ශන තිබේනම් ඒවා මොනවා ද යන්න පිලිබදව සාකච්ඡාවේදි විශේෂ අවධානයට ලක්ව තිබේ.
යම් යම් විමර්ශන සඳහා බලපෑම් සිදුවී තිබේද ? එසේ නොමැති නම් ඒවා ප්‍රමාද වීමට හේතු කවරේද යන්න පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමුවූ කරුණු අතර වෙයි.
අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් සකස් කර ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
මෙම සාකච්ඡාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.