IOC ඉන්ධන මිලත් පහළට...

ලංකා ඉන්දීය ඔයිල් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

by Staff writer 01-10-2024 | 8:11 AM

COLOMBO ( News 1st ) - ලංකා ඉන්දීය ඔයිල් සමාගම සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ, ඔක්ටේක් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දැමු බවයි.

එහි නව මිල, රුපියල් 311 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල පහළ  දැමුණේ, රුපියල් 24 කින්.

එහි නව මිල රුපියල් 283 ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 319 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 33 කින් මිල අඩු කිරීමත් සමඟයි.

භූමිතෙල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 19 කින්.

එහි නව මිල, රුපියල් 183 ක්.

කෙසේ වෙතත් ඔක්ටේක් 95 පෙට්‍රල් මිලේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.