අවුරුදු 12ට අඩු දරුවන්ට සුබ පණිවිඩයක්

සියලු සත්වෝද්‍යාන අවුරුදු 12ට අඩු දරුවන්ට හෙට නොමිලේ නැරඹීමට අවස්ථාව...

by Staff writer 30-09-2024 | 5:35 PM

COLOMBO ( News 1st ) - වයස අවුරදු 12ට අඩු ළමුන්ට හෙට (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වේ.

හෙටට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සදහන් කළා ය.

ඒ අනුව, දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව උදා වේ.