ලෙබනනයේ හමාස් නායකයා මරුට..

ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමීන් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

by Staff writer 30-09-2024 | 2:08 PM

COLOMBO (News1st) - ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමීන් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බේරූට් නුවරට එල්ල වූ ඊශ්‍රායලය ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි.

මියගිය පිරිස අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සිටින බව විදෙස්  මාධ්‍ය පවසයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් හිස්බුල්ලා අණදෙන නිලධාරී අලි කරකි සහ ආගමික නායකයෙකු වන ෂෙයික් නබිල් ද මිය ගියේ ය.

ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානීයේ ජිවිතක්ෂයට පත් වුණේ, පසුගිය ජූලි මාසයේදී ය.

වසර 30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දුන් හසන් නසරල්ලා ද, පෙරේදා ඊශ්‍රායල හමුදා ඝාතනය කළේ ය.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර, ඊශ්‍රායලය අඛණ්ඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, පසුගිය 17 වැනිදා සිටයි.