පොලිස් වෙඩි පහරකින් එක් අයෙකුට තුවාලයි

අණ නොතකා ධාවනය කළ හරක් පැටවූ ලොරියකට පොලීසියෙන් වෙඩි එක් අයෙකුට තුවාලයි

by Staff writer 30-09-2024 | 9:30 AM

COLOMBO (News 1st) - පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඒ, ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට, පොලීසිය කළ වෙඩි තැබීමකිනි.

අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

තුවාලකරු, පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.