සා/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ..

2023(2024) සා/පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ..

by Staff writer 29-09-2024 | 6:59 AM

COLOMBO (News1st) - 2023(2024) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බවයි.

ඒ අනුව,2023(2024) සා.පෙළ  විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි  බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 01 වනදා සිට ඔක්තෝබර් මස 14 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයැදුම්කරුවන් වේ.

65,331 දෙනෙකු පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබීය.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.