රාජ්‍ය ආයතනවල වාහන පිළිබඳ විගණනයක් ඇරඹෙයි

රාජ්‍ය ආයතනවල වාහන පිළිබඳ විගණනයක් ඇරඹෙයි - විගණකාධිපති

by Staff writer 29-09-2024 | 10:38 AM

COLOMBO (News1st) - සියලු රාජ්‍ය ආයතන වල පවතින වාහන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය, පරීක්ෂණයක් ආරම්භ කර ති‌බේ.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා සියලු රාජ්‍ය ආයතන ආවරණය කරමින් විශේෂ විගණන කණ්ඩායමක් පත්කර ඇතැයි ද ඔහු පවසයි.

මේ අතර ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන වල ගාල් කර ඇති රජයේ වාහන පිළිබඳව ද, විගණනයක් ක්‍රියාත්මකයි.