කොළඹ වරායේ කැණීම්වලින් මිනිස් ඇට සැකිළි 5ක්

කොළඹ වරායේ කැණීම්වලින් මිනිස් ඇට සැකිළි 5ක් සොයා ගනී..

by Staff writer 29-09-2024 | 12:35 PM

COLOMBO (News1st) - කොළඹ වරාය පරිශ්‍රයේ තිබී මිනිස් ඇට සැකළි 5 ක් හමුවී තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ, දෙවැනි අදියරේ කැණීම් ඊයේ(28) අවසන් කළ බවයි.

ඒ, අදාළ කැණීම් ක්‍රියාවලිය සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන අවසන් වීම හේතුවෙන් ය.

කොළඹ වරාය පරිශ්‍රයේ තිබී එම අස්ථි කොටස් හමුවුණේ, පසුගිය ජූලි 13 වැනිදායි.

ඊට අදාළ කැණීම්, පසුගිය (05) වැනිදා ආරම්භ විය.

මිනිස් ඇට සැකිළි 5 ක් සොයා ගෙන ඇත්තේ, එතැන් සිට මේ දක්වා කළ කැණීම්වලදීයී.

එම ක්‍රියාවලිය සඳහා කේෂත්‍ර රාජකාරියේ නිරත නිලධාරීන් සංඛ්‍යාව, 5කි.

එහි තුන්වැනි අදියර සඳහා රුපියල් මිලියනයක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බව, ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ ය.

ඒ අනූව ඔක්තෝබර් 15 වැනිදා තුන්වැනි අදියරේ කැණීම් ආරම්භ කිරීමට නියමිතයි.