ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නව සභාපති

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩට

by Staff writer 28-09-2024 | 6:27 PM

COLOMBO - (News1st) - ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා පත් කර තිබේ.

ඒ නිතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය අද(28) රැස්වූ අවස්ථාවේදීයි.‍

නීතිඥ අනුර මැද්දේගොඩ මෙතෙක් කලක් ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ උප සභාපති ධුරයේ කටයුතු කළේ ය.

නීතිඥ සංගමයේ උප සභාපති ධුරයට පත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ රාසික් සරුක් මහතායි.

ශ්‍රි ලංකා නිතිඥ සංගමයේ සභාපති ධුරයෙන් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පසුගියදා ඉවත්වූයේ ඔහුට එරෙහිව එල්ල වූ  චෝදනා කිහිපයක් හේතුවෙන්.