හිස්බුල්ලා නායකයා මරුට

ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මරුට..

by Staff writer 28-09-2024 | 9:01 PM

COLOMBO (News1st) - ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද(28) නිවේදය කළේ ය.

ඊට පැය කිහිපයකට පසුව හිස්බුල්ලා සංවිධානය ද ඒ බව තහවුරු කළේ ය.

ඊයේ(27) රාත්‍රියේ ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කළ ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ මිසයිල ඒකකයේ අණදෙන නිලධාරි මුහම්මද් අලි ඉස්මයිල් හා රොකට් ඒකකයේ ප්‍රධානී ඊබ්‍රාහිම් මුහම්මද් කබිසි ද මියගිය බව ඊශ්‍රායල හමුදාව සදහන් කර ඇත.

එහිදී සඳහන් වී ඇත්තෙ මිසයිල සහ රොකට් ඒකකවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ප්‍රහාර වලින් මියගොස් ඇති බවයි.

පසුගියදා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ඇතුළු බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුහම්මද් අලි ඉස්මයිල් වගකිව යුතු බව  ඊශ්‍රායල හමුදාව  නිවේදනයක කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් පලස්තීනයට සහාය දක්වන අතර ඊශ්‍රායෙලයෙන් පලිගන්නා බවටයි.

ලෙබනනයට මේ ප්‍රහාරට එල්ල කිරීමට පැය කිහිපයකට පෙර ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.

ඔහු සිය කතාව ආරම්භ කරන විටම අරාබිකරයේ රටවල් ඇතුළු පලස්තීණයට සහාය පල කරන රටවල් ගණනාවක නියෝජිතයින් සභාවෙන් පිටව ගොස් ඇත.

අනතුරුව අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

''මම මේ වසරේ මෙහි පැමිණීමට අදහස් කළේ නැහැ. මගේ රට යුද්ධයක, ජීවිතය වෙනුවෙන් සටන් කරනවා. නමුත් මෙම වේදිකාවේ බොහෝ කථිකයන් විසින් මගේ රටට කරන බොරු සහ මඩගැසීම් මට ඇසීමෙන් පසු මම මෙහි පැමිණ වාර්තාව නිවැරදි කිරීමට තීරණය කළා. මම මෙතැනට එන්න තීරණය කළේ මගේ ජනතාව වෙනුවෙන් කතා කරන්න. මගේ රට වෙනුවෙන් කතා කරන්න, සත්‍යය වෙනුවෙන් කතා කරන්න. මෙන්න ඇත්ත: ඊශ්‍රායලය සාමය සොයනවා. ඊශ්‍රායලය සාමය සඳහා ආශා කරනවා. ඊශ්‍රායලය සාමය ඇති කර අතර නැවත සාමය ඇති කරන්නත් බලාපොරොත්තුවෙනවා. එහෙත් අපගේ විනාශය සොයන ම්ලේච්ඡ සතුරන්ට අප මුහුණ දියයුතුයි. ඔවුන්ගෙන් අපි ආරක්ෂා විය යුතුයි.