පුද්ගල ඝාතන 02ක්..

පුද්ගල ඝාතන 02ක්..

by Staff writer 28-09-2024 | 6:17 PM

COLOMBO - (News1st) - වාරියපොල හා පිහිඹියගොල්ල ප්‍රදේශ වලදි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේදි නිවසකට ඇතුළු වු (33) හැවිදිරි පුද්ගලයෙකු මිටියකින් පහර දී ඝාතනය කර ඇති බවයි.

සිය බිරිඳ සමග පැවැත්වූ අනියම් සබඳතාවක් හේතුකොටගෙන ස්වාමිපුරුෂයා විසින් සැකකරු ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් (36)  හැවිදිරි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අනුරාධපුර, පිහිඹියගොල්ලෑව පීනගම ප්‍රදේශයේ වැසිකිළි වලක තිබි (54) හැවිදිරි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

විමර්ශන වලදි අනාවරණයවී ඇත්තේ සිය බිරිඳ සමග පැවැත්වු අනියම් සබඳතාවක් මුල් කර ගනිමින් සැමියා විසින් අදාළ පුද්ගලයා ඝාතනය කර වැසිකිළි වලකට දමා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් (45) හැවිදිරි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.