තේරීම් භාර නිලධාරීන්වරුන් මැතිවරණ කොමි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්වරුන් මැතිවරණ කොමිසමට..

by Staff writer 28-09-2024 | 9:21 PM

COLOMBO (News1st) - දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්වරුන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(28) පැවැත්විය.

ඒ, රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිසමේදීය.

ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් දැනුවත් කළ බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11 ක වැය ඇස්තමේන්තුව ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවයි.